පේරු රටට ජල ගැල්මක්

  👤  1510 readers have read this article !
Published by : MB WEB 2017-03-20 13:29:28

පේරු රාජ්‍යයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන දැඩි වර්ෂාපතනයන් හා ඒ හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් 72ක් මියගොස් ඇති බව සඳහන් වේ. වසර තිහකට පසු පේරු රාජ්‍ය මුහුණ දී ඇති දරුණුතම ජල ගැල්ම ලෙස හැඳින්වෙන මෙම ජලගැල්ම පේරු රටේ භූමි ප්‍රමාණයෙන් අඩකටම බලපා තිබේ. 800කට වැඩි නගර සංඛ්‍යාවක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ. ලීමා අගනුවරට සඳුදා සිට පානීය ජලය නොලැබුණු අතර ඊයේ ජල සැපයුම් මාර්ග ප්‍රතිස්ථාපනය කෙරිණි. බොහෝ ප්‍රදේශයන්හි ආහාර මිල ගණන් ඉහළ ගොස් ඇත. මෙම අයහපත් කාලගුණික තත්ත්වය පැසිපික් සාගර කලාපයට බලපෑ එල් නිනෝ (El Nino) තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon