ටිපර්-යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මියයයි

  👤  1528 readers have read this article !
Published by : MB WEB 2017-03-20 12:59:15

යතුරුපැදියක් ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් හා ගැටීමෙන් ඊයේ (19) සවස අනතුරක් සිදුව ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

ඇල්පිටිය මීගමුව පොලිස් වසමේ කහදූව-පිටිවල මාර්ගයේ ඇල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇතැයි වාර්තා වේ.

මරණකරු 30 හැවිරිදි නාවික හමුදා සේවයේ නියුතු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහුගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (20) දින සිදු කිරීමට නියමිත වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඇල්පිටිය පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්