ටිපර් රථයක ගැටී පදිකයෙකු මිය යයි

  👤  1896 readers have read this article !
Published by : MB WEB 2017-03-20 10:53:22

ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක හා ගැටීමෙන් ඊයේ (19) දහවල් අනතුරක් සිදුව ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

මහනුවර පොලිස් වසමේ දුම්රියපොළ ඉදිරිපිට වටරවුමේ දී ටිපර් රථයක් ඔරලෝසු කණුව දෙසට ධාවනය කිරීමට යාමේදී මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බරපතල තුවාල ලැබූ පදික කාන්තාව මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි වාර්තා වේ.

මරනකාරිය 19 හැවිරිදි රජවරල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඇයගේ මෘත දේහය මහනුවර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (20) දින සිදු කිරීමට නියමිතයි.

අනතුරට සම්බන්ධ ටිපර් රත් රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon