ඛාන්ලාගේ වෙනස

  👤  2707 readers have read this article !
Published by : MB WEB 2017-03-20 09:57:41

හින්දි සිනමාවට දිනෙන් දින එක්වන තරු එක රැයින් ජනප්‍රිය වෙනවා. මේ තරම් තරගකාරී බොලිවුඩ් සිනමාවේ දශක 3කට ආසන්න කාලයක් රැඳෙමින් අති සාර්ථක චිත්‍රපටවලට පෙනී සිටිමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඛාන් ත්‍රිත්වය තවමත් බොලිවුඩ් හිණි පෙත්තේම සිටිනවා. කොතරම් ආකර්ෂණීය පෙනුමින් හා දක්ෂතාවයෙන් පිරිපුන් සිනමා තරු වුණත් දශක තුනකට ආසන්න කාලයක් තම ජනප්‍රියත්වය රඳවාගෙන සිටීම නම් පහසු කටයුත්තක් නොවෙයි. ඛාන්ලා තිදෙනා අතරින් තමන්ගේ සමකාලීන අනෙක් ඛාන් දෙපළ වන ෂාරුක් හා සල්මන්ගේ සාර්ථකත්වය ගැන වෙනස්ම විදියෙ අදහසක් අමීර් ඛාන් මෑතකදී මාධ්‍යයට පැවැසුවා. "ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් කියන ඛාන් තරු අතරට මමත් එක්වෙනවා. අපි සිනමා ක්ෂේත්‍රයේ වසර 25ක් වැනි දිගු කාලයක් සාර්ථක ලෙස රදා පැවැතීම ඇත්තෙන්ම විශේෂ සිදුවීමක්. ඒත් අපි තුන්දෙනා තෝරා ගත්ත චරිත වෙනස් වගේම අපේ හැකියාවන්වලත් වෙනස්කම් දකින්න පුළුවන්. ෂාරුක් ඛාන්ගේ ශෛලියේ වෙනස ඕනම කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් වගේම මටත් සල්මාන්ටත් වෙනස් වූ ආවේණික ශෛලීන් තියෙනවා. අපි තුන්දෙනා වෙනස් වුණත් අදටත් අති සාර්ථකව තරු ත්‍රිත්වයක් විදියට නම් දැරීමත් ඇත්තෙන්ම පුදුම සහගත සිදුවීමක්."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon