යාපනේ හිරගෙදරින් ඉන්දියානු සිරකරුවකු පැන ගිහින්

  👤  1996 readers have read this article !
Published by : MB WEB 2017-03-20 09:03:17

වවුනියාව - මාධව කුලසූරිය

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානු ජාතිකයකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පෙරේදා (18දා) පලාගොස් ඇති බැව් යාපනය ආරක්‍ෂක අංශ පවසයි. අනවසරයෙන් රෙදි පිළි වෙළෙ¼දාමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවකු එලෙස පලාගොස් ඇත. එසේ පැනගොස් ඇති 40 හැවිරිදි පුද්ගලයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යාපනය ආරක්‍ෂක අංශ පැවැසුවේ අදාළ පුද්ගලයා බන්ධනාගාර ගතව සිටියදී හටගත් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට යාපනය රෝහල් ගත කිරීමෙන් අනතුරුව පලාගොස් ඇති බවයි. යාපනය බන්ධනාගාර නිලධාරීන් හා යාපනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon