ඩෙංගු නිසා වසා දැමූ කින්නියාවේ පාසල් 66 අද ඇරේ

  👤  1836 readers have read this article !
Published by : MB WEB 2017-03-20 08:51:32

ආරියරත්න ගනේගොඩ

ඩෙංගු රෝගය පැතිරයෑම හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ වසා දමන ලද පාසල් 66ක් අද (20දා) විවෘත කරන බව කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් සම්බන්ධයෙන් එම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එම්. අහමඩ් ලෙබ්බේ මහතා ප්‍රදේශයේ සියලුම පාසල්වල විදුහල්පතිවරු දැනුවත් කර ඇත.

පාසල් වසා දමා තිබූ දින ගණන වෙනුවෙන් ඉදිරි සෙනසුරාදා දිනවල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ වනවිට කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය අමත්‍යාංශය මඟින් පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අංශ පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්