වෑන් රිය පෙරැළී 16ක් රෝහලේ

  👤  1954 readers have read this article !
Published by : MB WEB 2017-03-20 08:30:19

අවිස්සාවේල්ල - මුදලිගේ තිලකරත්න

දෙහිඕවිට - දැරණියගල ප්‍රධාන මාර්ගයේ උෟරුපැලැව්ව ප්‍රදේශයේ වංගුවකදී පෙරේදා (18දා) සවස වෑන් රථයක් අඩි 50ක් පමණ පල්ලමකට පෙරළී යෑමෙන් පුද්ගලයන් 16 දෙනකු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට හා දැරණියගල දිසා රෝහලට ඇතුළත් කොට තිබේ.

මළ ගෙදරක ගොස් ආපසු එමින් සිටියදී රථයේ රියැදුරාට නින්දයෑම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

තුවාල ලැබූ පිරිමි 10ක් කාන්තාවන් 06ක් සිට තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවේ. දෙහිඕවිට - දැරණියගල මාර්ගයේ එකේ කණුව අසලදී සිදුවූ මෙම වෑන් අනතුර පිළිබඳව අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon