ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි 3ක් හෙට ජනතා අයිතියට

  👤  1649 readers have read this article !
Published by : MB WEB 2017-03-19 14:25:20

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් නිම කළ අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් කහටගස්දිගිලිය, නොච්චියාගම සහ රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සිදු කිරීමට නියමිතය.

ඒ අනුව රුපියල් ලක්ෂ 265 ක වියදමකින් යුතුව ඉදි කළ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හෙට පෙ.ව. 09.00 ට සිදු කෙරේ.

එසේම රුපියල් ලක්ෂ 285 ක වියදමකින් යුතුව ඉදි කළ නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හෙට දහවල් 12.00 ට සිදු වන අතර රුපියල් ලක්ෂ 335 ක වියදමකින් යුතුව ඉදි කළ රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම මෙදින ප.ව. 03.00 ට සිදු කිරීමට නියමිතය.

(රජයේ නිල පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon