කටහඬින් සරණාගතයන් හඳුනාගැනීමට මෘදුකාංගයක්

  👤  1805 readers have read this article !
Published by : MB WEB 2017-03-19 10:31:20

කටහඬ හඳුනාගැනීමේ හැකියාව ඇති පරිගණක මෘදුකාංගයක් මගින් ලියකියවිලි පරීක්ෂාවකින් තොරව සරණාගතයන් අයත්වන රට හඳුනාගැනීමේ ක්‍රමයක් අත්හදාබැලීම ජර්මනිය විසින් අරඹනු ලැබ ඇත.

සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිලිබඳ ජර්මානු ඒකාබද්ධ කාර්යාලය පැවසුවේ සති දෙකක කාලයක් තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම නව ක්‍රමය ආරම්භවන බවය.

එහෙත් එම ක්‍රමයේ උපයෝගීතාවය පිළිබඳව ඇති සැකසහිතභාවය හේතුවෙන් වසරක කාලයක් යනතුරු එය සරණාගතයන් හඳුනාගැනීමේ කටයුතු වලදී භාවිතයට නොගැනෙනු ඇත.

මෙම ක්‍රමයේ අරමුණ වන්නේ සිරියානුවන් බවට අඟවමින් පැමිණෙන අරාබි භාෂාව කතාකරන්නන් හඳුනාගැනීමයි.

සරණාගතභාවය ඉල්ලා සිටීමේ දී සිරියානුවන් ලෙස ඇඟවීම තමන්ට වාසිදායක යැයි අරාබි භාෂාව කතාකරන්නෝ විශ්වාස කරති.

පරිගණක මෘදුකාංගයක් මගින් අනන්‍යයතාව හඳුනාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව භාෂා විශේෂඥයන් පවසන්නේ 'භාෂාව සහ එහි වචන නිරතුරුව වෙනස්වීමට භාජනය වන බැවින් ස්වයංක්‍රීය උපකරණයක් මාර්ගයෙන් කෙනෙකුගේ අනන්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමක් කළ නොහැකි' බවය.

කෙසේවුවද නව මෘදුකාංගය සමග යමෙකුගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා දැනට භාවිතකෙරෙන ක්‍රමවේදයන්ද යොදා ගන්නා බව ජර්මානු බලධාරීහු පවසති.

මෙම නව මෘදුකාංගය කටහඬ පරීක්‍ෂා කිරීම සඳහා බැංකුවල සහ රක්‍ෂණ සමාගම් වල භාවිතාකෙරෙන ක්‍රමවේදයට සමාන වන අතර එමගින් භාෂා අතර වෙනස හඳුනාගත හැකිවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon