මහින්ද කොමිසමට ඇවිත් නෑ

  👤  1753 readers have read this article !
Published by : MB WEB 2017-03-17 11:33:19

පහන් විජේසේකර

පසුගිය ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සිදුවූවා යැයි කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ හිටපු ජනාධිපතිවරයා ඊයේ (16දා) කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.
නොවැළැක්විය හැකි හේතුවක් මත ඊයේ (16දා) දින පැමිණීමට නොහැකි බව පවසමින් හිටපු ජනාධිපතිවරයා තම නීතිඥවරු මාර්ගයෙන් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබේ.

ඒ අනුව ලබන 24දා පෙ.ව. 10ට කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බවද කොමිසමට දැනුම් දී ඇතැයිද එහි ප්‍රකාශයෙක් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon