මොරටු-පානදුර රන් සටන අද-හෙට

  👤  1631 readers have read this article !
Published by : MB WEB 2017-03-17 10:10:40

ඉෂාන් රශ්මිත

මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර වන "රන් සටන" නම් වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ 65 වැනි පියවර අද (17) හා හෙට (18) යන දිනවලදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගයේදී සමිත් දල්පතාදු ශ්‍රී සුමංගල විදුහල් පිල මෙහෙයවනු ලබන අතර, හරිත් ලක්ෂාන් උප නායක ලෙස කටයුතු කරයි. සිනෙත් ඉසුරු මෙවර 65 වැනි තරගයේදී මොරටු විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, නිශාන් මධුසංක ප්‍රනාන්දු උප නායක ලෙස සහාය වෙයි.
ශ්‍රී සුමංගල පිලේ වැඩිම ලකුණුලාභී සහ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වන නිපුන දේශාන් ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 800 සීමාව ඉක්මවූ අතර, කඩුලු 50කට වැඩි සංඛ්‍යාවක් දවාලීමට සමත් විය.

උප නායක නිශාන්ත මධුසංක ප්‍රනාන්දු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 850 සීමාව ඉක්මවමින් මොරටු විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව ඇති අතර, කඩුලු 36ක් දවාලූ රශාන් කවිෂ්ක කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්ව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්