පැරීසියේ බෝම්බ පිපිරීමකින් එක් අයෙකු තුවාල ලබයි

  👤  1184 readers have read this article !
Published by : MB WEB 2017-03-16 18:01:31

පැරීසියේ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුඳල් කාර්යාලය අසල සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් කාන්තාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්දිය සම්බන්ධව පරීක්ෂණ මේවන විට සිදුවෙමින් පවතින අතර විමර්ශන වාර්තා පවසා ඇති පරිදි එය කළු පැහැති 30 cm ක් පමණ දිගැති සිලින්ඩරාකාර බෝම්බයකි. එසේම එය සාදා ඇත්තේ විවෘත්ත කල සැනින් පුපුරායන සුළු තුවාල ඇති කරන අයුරින් බව ඔවුන් තවදුරටත් කියා සිටියි. එය පිපිරීමේදී එහි උන්ඩ කැබලි විසි වීමෙන් කාමරයේ සිවිලිමටද හානි සිදුව ඇති බව ඔවුන් පවසයි.

පිපිරීම හේතුවෙන් පාර්සලය විවෘත්ත කල කාන්තාවගේ මුහුණ සහ දෑත් තුවාල වී ඇති අතර සේවකයන් 150කට අධික ප්‍රමාණයක් ආරක්ෂක හේතුන් මත මේවන විට ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පැරීසියේ පොලිස් කාර්යාංශ පවසන්නේ එය බෝම්බයක් නොව විශාල වශයෙන් සෑදූ රතිඤ්ඤා කරලක් බවයි.

ග්‍රීසියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ වාර්තා වලට අනුව මෙම පාර්සලය ග්‍රීක මුද්දරයක් ඇලවූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකු නමට එවූ පාර්සලයකි.

කෙසේ නමුත් සැකකරුවන් පලා යාමට පෙර අල්ලාගැනීමට විමර්ශන කටයුතු මේවනවිට සිදුවෙමින් පවතින බවට වාර්තා වේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon