ඉවානා ඇගේ මතකසටහන් එළිදක්වයි

  👤  1222 readers have read this article !
Published by : MB WEB 2017-03-16 19:22:02

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ හිටපු බිරිඳ වන ඉවානා (Ivana) විසින් එම යුවලගේ දරුවන් තිදෙනා ඇතිදැඩි කල අයුරු අත්දැකීම් මතකසටහනක් ලෙස සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉවානා විසින් එළිදැක්වීමට නියම්ත මෙම ග්‍රන්ථයේ නම “Raising Trump” බවත් මෙහි කිසිඳු දේශපාලනමය කරුණක් ඇතුලත් නොවන බවත් සඳහන් කරයි.

ඇයගේ හිටපු ස්වාමිපුරුෂයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති ලෙසට 2016 දී පත් වීමත් සමඟ ඔහුගේ දරුවන් තිදෙනා ද මේ වන විට මාධ්‍යයේ කතාබහට ලක්වී ඇති බව ඔවුන් තවදුරටත් කියා සිටියි. එසේම මෙම ග්‍රන්ථයේ ඉවානාගේ ළමාකාලය සහ ව්‍යාපාරිකාවක් ලෙස තම ජීවිතය සාර්ථක කරගත් අත්දැකීම් පිළිබඳවද සඳහන් වේ.

ඉවානා, ට්‍රම්ප් ජනාධිපති ගේ පළමු බිරිඳ වන අතර Donald Jr., Eric සහ Ivanka යනු ඔහුගේ දරුවන් තිදෙනා වේ. Donald Jr.සහ Eric දැනට ට්‍රම්ප් ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වී ඇති අතර Ivanka ට්‍රම්ප් ගේ සමීපතම හිතවතියක් සේ කටයුතු කරන අතර ඇගේ ස්වාමිපුරුෂයා වන Jared Kushner ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දැනට සේවය කරන බවට වාර්තා වේ.

ඉවානා සහ ට්‍රම්ප් යුවල 1977 වර්ෂයේ දී විවාහ ගිවිසගෙන ඇති අතර ඉන් වසර 15 කට පසු දික්කසාද වී ඇත. පසුව නිලියක් වන Marla Maples සමඟ විවාහ වී ඇති අතර 1999 වසරේදී ට්‍රම්ප් ඇගෙන් දික්කසාද වී ඇත. වර්තමාන බිරිඳ වන Melania Trump හා ඔහු විවාහ වී ඇත්තේ 2005 වර්ෂයේදී බව ඔවුන් තවදුරටත් කියා සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon