ප්ලග් නොකර චාජ් වෙන iPhone 8

  👤  1986 readers have read this article !
Published by : MB WEB 2017-03-16 15:10:59

ෆෝන් එක චාජ් කර ගන්න ප්ලග් එකක් හොයා ගන්න බැරුව දුක් විඳින පාරිභෝගිකයන් එමටයි. දැනට බහුලව භාවිත වන ස්මාර්ට් ෆෝන්වල චාජ් එක බැසීමේ ප්‍රවණතාව වැඩි නිසා, චාජර් සොයමින් දවසේ වැඩ පාඩු කර ගන්නා පාරිභෝගිකයන්ගෙනුත් අඩුවක් නැහැ. මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ස්මාර්ට් ෆෝන් ප්‍රජාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්ලග් නොකර ෆෝන් චාජ් කිරීමේ තාක්ෂණයක් දියුණු කිරීමට තැත් දරන ලොව සමාගම් එකතුවෙන් සෑදුණු The Wireless Power Consortium ට අනුව ඇපල් ඔවුන්ගේ සංවිධානය ගිය සතියේ එකතු වූයේ සුබ ආරංචියක් ලොව පුරා පතුරවමින්.

පාරිභෝගිකයන් මහත් බලාපොරොත්තුවෙන් සිටි 'iPhone 8' තම නවතම මාදිලියේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වන අතර එයිනුත් පාරිභෝගිකයන්ට වඩාත්ම ආකර්ෂණීය අංගය වන්නේ ප්ලග් නැතිව චාජ් කිරීමේ හැකියාවයි. ස්මාර්ට් ෆෝන් ලොවට හඳුන්වා දී පළමු දශකය, 10 වැනි සංවත්සරය සමරමින් නිකුත් වන මෙම අලුත් ඇපල් අයිෆෝන් මාදිලිය පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලැබිය හැකි බව පැහැදිලියි.

'iPhone 8' රසිකයෝ නම් දැන ගන්නට කැමැති වේවි ඔවුන්ගේ සිහින 'iPhone 8' හි අලුත් උපාංග ලෙස, මුළු ෆෝන් එක පුරාම එක අද්දරක සිට අනික් අද්දරයටම පැතිරෙන ඩිස්ප්ලේ (Display) වීදුරුවලින් සෑදුණු බඳ සහ ඔබේ ආදරණීය හෝම් බටන් එක ඉවත් කිරීම ඇතුළත් වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon