ඇමෙරිකා හිම කුණාටුවෙන් මිලියන 5ක ජනතාව දැඩි අසීරුතාවක

  👤  1657 readers have read this article !
Published by : MB WEB 2017-03-16 14:16:59

ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටුව හේතුවෙන් එරට මිලියන පහකට ආසන්න ජනතාවකට දැඩිලෙස බලපෑම් එල්ල වී තිබේ.

නිව්යෝක් සහ ෆිලඩෙල්ෆියා ප්‍රදේශවලට හිම කුණාටුව හේතුවෙන් දැඩිලෙස බලපෑම් එල්ල වී ඇතැයි පැවැසේ.

හිම කුණාටුව සහ බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇමෙරිකාවේ නැඟෙනහිර මුහුදු ප්‍රදේශවල මාර්ග අඩි දෙකක පමණ හිමවලින් වැසී ඇති අතර ඒ හේතුවෙන් ගමනාගමනයද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වෙයි.

හිම පතනය හේතුවෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළවල් රැසක ගුවන් ගමන්වාර දහසකට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබේ.

ගමනාගමන අවහිරතා හේතුවෙන් පාසල්වලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

දැඩි හිම පතනය හේතුවෙන් වර්ජිනියා, නිව් ඉන්ග්ලන්ඩ්, නිව් ජර්සි යන ප්‍රාන්තවල ජනතාවට නිවාසවලම රැඳී සිටින ලෙසට එරට බලධාරීන් අනතුරු අඟවා ඇතැයිද වාර්තා පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon