මනීෂා දරු සුරතල් බලන්න සූදානමින්

  👤  2035 readers have read this article !
Published by : MB WEB 2017-03-16 17:23:17

මිනිසුන්ට ජීවිතයේ කොයිතරම් නම් බලාපොරොත්තු තියෙනවාද? මොන මොන මට්ටම්වල හිටියත් ජීවිතයේ බලාපොරොත්තු පොදිබඳින එක, හීන දකින එක කාටත් පොදු කාරණයක්.

බොලිවුඩයේ තරුවලටත් මේ විදියේ එක එක හීන බලාපොරොත්තු තියෙනවා. සල්ලි හොයන්න, හොඳ නිර්මාණ කරන්න වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතය සතුටින් ගෙවන්නත් ඔවුන් හීන දකිනවා.

බොලිවුඩ් තරු අතරේ තමන්ගේ ජීවිතයේ සතුට දරුවකුගෙන් සම්පූර්ණ කරගන්න හදන කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මනීෂා කොයිරාල.

පසුගිය කාලය පුරාවට ඇයගේ තිබ්බ එකම බලාපොරොත්තුව ඇය පීඩා විඳපු පිළිකා රෝගයෙන් සුවය ලබන එක. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙමින් රෝගී තත්ත්වයෙන් සුවය ලබන්න ඇය වාසනාවන්ත වුණා. ඇය මේ රෝගී තත්ත්වයෙන් සුවය ලැබූ නිසා ඉදිරි ජීවිතය සුබදායි වෙයි කියලා ඇය අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන වැඩ කරනවා.

ඒ විතරක් නෙවෙයි මවක් වෙන්නත් ඇය හීන දකිනවා. ඒ ඇගේම කුසෙන් දරුවෙක් බිහි කරලා නම් නෙවෙයි. වැදූ මවට වගේම හැදූ මවටත් වටිනාකමක් තියෙනවා කියලා දන්න මනීෂා මේ හදන්නේ උදාර වැඩක් කරන්න. ඒ වෙනත් කුසක ඉපදුන දරුවෙක්ට මවකගේ සෙනෙහස, රැකවරණය දෙන්න තමයි ඇය සූදානම් වෙන්නේ. ඇය තමන්ගේ රැකවරණයට ගන්න හදන්නේ පුංචි දැරියක්ව. පුංචි දැරියව තමන්ගෙම කරගන්න අවශ්‍ය කටයුතු ඇය සූදානම් කරලයි තියෙන්නේ. මේ වසර ගෙවෙන්න කළින් පුංචි දැරියකගේ මව වෙන්න ඇය බලාපොරොත්තු තියාගෙනයි ඉන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon