70 වැනි නිදහස් දිනය සමරන්නට ලංකාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

  👤  1930 readers have read this article !
Published by : MB WEB 2017-03-16 09:50:28

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ මාර්තු 15වැනිදා සිට 31වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය බොහෝ විට පන්දුවාර 20 තරගාවලියක් වීමට ඉඩ ඇති බව මෙයට අදාළව ඊයේ කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඒ අනුව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා "මුල් වරට මෙම නිදහස් කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 1997 වසරේදී ඉන්දියාවේදී. ඒ තරගාවලියේදී අපි ශූරතාව දිනුවා. ඉන් අනතුරුව ලංකාවේ 50වැනි නිදහස් දිනය වෙනුවෙන් 1998 වසරේදී ලංකාවේ මෙම කුසලානය පැවැත්වුණා.

ඉන් වසර 20කට පසුවයි මේ තරගාවලිය නැවත පැවැත්වෙන්නේ. ඒ නිසා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඇප කැප වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ව, නිලධාරීන්ව, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාම ඇගැයීමට ලක්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක්ද, එසේත් නැත්නම් විස්සයි-20 තරගාවලියක්ද කියලා අපිට දැන්ම කියන්න අමාරුයි. ඒ සම්බන්ධයෙන් තාක්‍ෂණික කමිටුවත් එක්ක කතා කරලා ඉදිරියේදී තීරණයක් ගන්නවා.." යනුවෙන්ද කීය.

මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමඟ තරග දෙකකට සහභාගි වන අතර, අවසන් තරගය සමඟ තරග 7ක් තරගාවලියේදී පැවැත්වෙන බවද අනාවරණය විය. මෙම අවස්ථාව සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරි මහත්වරුද එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon