යේමනයේ සිවිල් යුද්ධයෙන් 7700ක් පමණ මියගිහින් -ඉන් 1,564ක් ළමයින්

  👤  1210 readers have read this article !
Published by : MB WEB 2017-03-15 15:02:12

සිවිල් යුද්ධය හේතුවෙන් යේමනයේ පුද්ගලයන් හත්දහස් හත්සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එයින් එක්දහස් පන්සිය හැට හතර දෙනකු කුඩා ළමයින් බව වාර්තා පෙන්වා දෙයි.

තවත් ළමයින් දෙදහස් හාරසීය පනස් දෙනකු ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

මියගිය ළමයින්ගෙන් එක්දහස් විසි දෙදෙනකු පිරිමි ළමයින් වන අතර හාරසිය හැත්තෑ අට දෙනකු ගැහැනු ළමයින් බවද තවත් ළමයින් හතළිස් හයදෙනකුගේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගත නොහැකි තත්ත්වයක පවතින බව සඳහන් වේ. එම කාලය තුළ එක්දහස් අටසිය එක් දෙනකු පිරිමි ළමයින්ද, හයසිය හතළිස් නවදෙනකු ගැහැනු ළමයින්ද තුවාල ලබා තිබේ. වසර දෙකක කාලය තුළ සොල්දාදුවන් ලෙස ළමයින් එක්දහස් පන්සිය හැත්තෑ දෙදෙනකු බඳවාගෙන ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon