54 වැනි පස්දුන් කෝරලේ සටන 17-18 මතුගමදී

  👤  1673 readers have read this article !
Published by : MB WEB 2017-03-15 11:00:49

කෝසල ගමගේ

මෙවර තම 75 වන ජන්ම දිනය සැමරූ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ ශාන්ත මේරී විද්‍යාලය අතර 54 වැනි වරටත් පවත්වන "පස්දුන් කෝරලේ සටන" නමින් ප්‍රචලිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය ශාන්ත මේරි විද්‍යාලයීය සත්කාරකත්වයෙන් මාර්තු මස 17, 18 යන දෙදින තුළ මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ දක්වා පැවැති තරග 53න් තරග 9ක පූර්ණ ජය ශාන්ත මේරී විදුහල් කණ්ඩායම විසින් දිනා ගනු ලැබූ අතර ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමට පූර්ණ ජය වාර්තා කිරීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.

තෙවන වසරේ වර්ණ ලාභී ක්‍රීඩකයකු මෙන්ම තුන් ඉරියව් දස්කම් දක්වන කවිශාන් විමුක්තිගේ නායකත්වයෙන් ශක්තිමත් වන ශාන්ත මේරී කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රීඩා කරන තෙවන වසරේ වර්ණ ලාභියකු වන ෂනුක උදයංග මෙවර තරග වාරය තුළ ලකුණු 600 සීමාව ඉක්මවා ලකුණු ලබා ගනිමින් දස්කම් දක්වා ඇති අතර දසුන් තරුෂද තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කඩුලු 50කට අධික සංඛ්‍යාවක් දවා ගනිමින් ශාන්ත මේරී කණ්ඩායම ශකතිමත් කරමින් සිටී.

කණ්ඩායමේ අත්දැකීම් බහුල තුන්වන වසරේ වර්ණ ලාභියකු වන ශක්ති නිසල් වික්‍රමනායකගේ මෙහෙයවීමෙන් මෙවර තරගයට පිවිසෙන ආනන්ද ශාස්ත්‍රාලයීය කණ්ඩායමේ උප නායකත්වය දෙවන වසරේ වර්ණ ලාභියකු වන කුෂාන් සංජුලට හිමිව ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු මෙවර තරගමාලාව තුළ කඩුලු 35කට අධික සංඛ්‍යාවක් දව ගනිමින් දස්කම් දක්වා ඇත. ඒ වගේම පළමු වසරේ වර්ණ ලාභියකු ලෙස කණ්ඩායමට එක්ව සිටින දිල්ෂාන් ප්‍රමෝද් ආනන්ද විදුහල් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත්ව ඇති අතර ඔහු මෙවර තරගමාලාව තුළ මේ දක්වා ලකුණු 500 සීමාව මෙන්ම පන්දු යැවීම අතින් කඩුලු 40 අධික සංඛ්‍යාවක් දවා ගනිමින් කණ්ඩායමට ශක්තියක් වී ඇත.

ශාන්ත මේරී කණ්ඩායම 

කවිශාන් විමුක්ති (නායක), රාජිත මිණිරුවන් (නියෝජ්‍ය විදුහල්පති), මිල්ටන් සිරිවර්ධන (නියෝජ්‍ය විදුහල්පති), ඒ.සී. ප්‍රියදර්ශනි (විදුහල්පතිනි), ඒ. දෙවරාජ් (නියෝජ්‍ය විදුහල්පති), සංජීව රණසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), රුමේෂ් සිල්වා (පුහුණුකරු), ෂනුක උදයංග (උපනායක)
පසුපෙළ වමේ සිට

හේෂාන් තරිඳු වෙල්ගම, ශෂ්මික භානු, පසිඳු උමයංගන, ළහිරු ඩිල්ෂාන්, නවීන් දේවින්ද, නාමල් මධුසංක, දසුන් තරුෂ, උජිත මධුරංග, සංජුල ක්‍රිෂාන්, ශනිල්ක මධුමාල්, චමිදු ඉමාෂ්, තශ්මිල සංකල්ප

ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම 

ශක්ති වික්‍රමනායක (නායක), රසිදු ක්‍රිශාන් (සහාය පුහුණුකරු), පාලිත දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), රන්දුන් ජයලත් (විදුහල්පති), ගයන්ත ජයසිංහ (පුහුණුකරු), ධනුෂ්ක ප්‍රසාන් (සහාය පුහුණුකරු), තුෂාන් සංජුල (උප නායක)
මැද පෙළ වමේ සිට
නදුන් චාමික, සුපුන් ගීතික, විදුර මන්තික, රවිඳු චානුක, දිල්සර නවෝද්, කවිදු අංජන, ප්‍රසාද් චතුරංග, දිල්සර ප්‍රමෝද්, ඉසිත මද්දුමගේ
පසු පෙළ වමේ සිට
උළිඳු ප්‍රභාෂ්වර, පසිදු දිල්ෂාන්, තිලිණ ධනංජය, පසිඳු භාෂණ, පසන් තාරක, මළිඳු තිසේරා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon