ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017 මෝටර් රථ තරගාවලිය 19 දා

  👤  1459 readers have read this article !
Published by : MB WEB 2017-03-14 11:35:00

කෝසල ගමගේ

ආසියානු මෝටර් ධාවන සංගමය (AMRC) හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (SLARDAR) එක්ව සංවිධානය කරන ප්‍රමුඛතම මෝටර් ධාවන තරගාවලියක් වන ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017 (Sri Lanka Super Series 2017) මාර්තු මස 19 වැනිදා කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කටුකුරුන්ද ධාවන පථයේදී පෙරවරු 9.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති මෙම ධාවන තරගාවලියෙන් ලැබෙන ආදායම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නඩත්තු කටයුතු සහ එම කෘෂි අංශයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා බැකෝ යන්ත්‍රයක් ලබා දීමට වෙන් කර තිබීම කැපීපෙනෙන සිදුවීමකි.

එම සත්කාරය පෙරදැරි කර ගනිමින් දිස්ත්‍රික් 306 C1 සිංහ සමාජයද මෙම තරගාවලියට තම දායකත්වය සැපයීමට ඉදිරිපත්ව සිටීම විශේෂතත්වයකි.

මෙවරත් කටුකුරුන්ද ධාවන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ධාවකයන් සහ යතුරුපැදිකරුවන් රැසක් තරග වැදීමට නියමිතව ඇති අතර SL GT up to 3500cc සහ SL-H up to 1600cc ඉසව් සඳහා ධාවකයන් 20 දෙනකුට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරන බවද තරගාවලිය පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්