15 වැනි “උෟව රන් සටන” 17 සහ 18 බණ්ඩාරවෙලදී

  👤  1302 readers have read this article !
Published by : MB WEB 2017-03-14 11:05:57

ඉෂාන් රශ්මිත

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ශාන්ත ජෝශප් විදුහල් අතර වන 15 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් "උෟව රන් සටන" මේ මස 17 (සිකුරාදා) සහ 18 (සෙනසුරාදා) යන දිනවලදී බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

උෟව පළාතේ දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියනු ලබන මෙම වාර්ෂික ක්‍රිකට් තරගය 1967දී ඇරඹුණු අතර, විවිධ හේතු නිසා වාර්ෂිකව පැවැත්වීමට හැකියාවක් ලැබී නොමැත. මෙතෙක් පැවැති තරග අතුරින් ශාන්ත ජෝශප් පිල තරග 3ක ජය හිමිකර ගෙන ඉදිරියෙන් පසුවන අතර, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය තරග 2ක් ජය ගැනීමට සමත්වී සිටියි.

මෙවර පැවැත්වෙන 15 වැනි තරගයේදී ශාන්ත ජෝශප් පිල දුමිඳු දම්සික විසින් මෙහෙයවනු ලබන අතර, අයේෂ් ලක්මාල් උප නායක ලෙස කටයුතු කරයි. මෙම තරගයේදී හේෂාන් රත්නායක විසින් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, චරිත්‍ර බස්නායක උප නායක ලෙස කටයුතු කරයි.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල සංචිතය: හේෂාන් රත්නායක (නායක), චරිත්‍ර බස්නායක (උප නායක), උදිත බණ්ඩාර, ලක්ෂාන් චලින්ද, විමුක්ති යසසිරි, හසරුල් රත්නායක, ජනිත් බණ්ඩාර, දුල්මිණ අත්තනායක, චතුර සරත්චන්ද්‍ර, අංජුල විජේසුන්දර, දුලාර විජේසුන්දර, ගනිඳු වික්‍රමාදර, රුචිර විජේසුන්දර, මෙත්ම බණ්ඩාර, ජනීෂ බණ්ඩාර

ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය: දුමිඳු දම්සික (නායක), අයේෂ් ලක්මාල් (උප නායක), පසන් හිරුදික, චන්දන රුවන්, රුචිර ඩිල්ෂාන්, ජනක චන්දික, මලිත මාධව, ලේෂාන් දිළුක්ෂ, කෞශාන් සසංක, හරිඳු උෂාන්, ඉසාර සඳරුවන්, මලින්ත ලක්ෂාන්, මනූෂ ඒෂාන්, අශේන් දිල්රංග, අදිල් ඉර්ෆාන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon