ප්‍රියංකාගෙයි දීපිකාගෙයි මට්ටම

  👤  1873 readers have read this article !
Published by : MB WEB 2017-03-13 16:39:14

ප්‍රියංකා චොප්රා හා දීපිකා පදුකෝන් බොලිවුඩය විතරක් නෙවෙයි හොලිවුඩයත් ජයගත් සුරූපී තරු දෙපළක්. Baywatch, Quantico හොලිවුඩ් නිර්මාණවලට දායක වුණ ප්‍රියංකාගේ අගයත් දැන් වැඩි වෙලා. මේ සුරූපිනියන් දෙදෙනාට දැන් හොලිවුඩ් රූපවාහිනි සාකච්ඡාවලටත් ආරාධනා ලැබෙන්නේ එකටමයි. මේ දිදුලන තාරකාවියන් ගැන බොලිවුඩයට සුබදායක වන ආරංචියක් මාධ්‍යවලට හෙළි කළේ ප්‍රියංකාගේ මව වන මධු චෝප්රායි.

ඇය කියන්නේ ඉන්දියානු කාන්තාවන් විදියට ප්‍රියංකා හා දීපිකාගේ සාර්ථක කලා ජීවිතය ගැන ඇය ආඩම්බර වන බවයි. ඇත්තෙන්ම මේ දෙදෙනා එකිනෙකාට සන්සන්දනය කරන්න බැහැ. මොවුන් දෙදෙනාට විශේෂ වූ හැකියාවන් හරිම දක්ෂ විදියට නිර්මාණවලින් අපිට දැකගන්න ලැබුණා. ඒ නිසාම ජාත්‍යන්තර නිර්මාණවලටත් මේ අයට ආරාධනා ලැබුණා. තමන්ගේ කාර්ය උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන මේ සුරූපිනියන් දෙදෙනා ඉන්නේ එකම මට්ටමකයි. මේ සුපිරි තරු එකට එක් වෙලා වැඩ කළොත් ඉන්දීය සිනමාවටත් ඒක ලොකු ශක්තියක් වෙයි" කියලා විශ්වාස කරන බව තමයි ඇය කියන්නේ.

එහෙත් දීපිකා නම් මේ අදහසට එතරම් කැමැත්තක් නැති බව වැටහුණේ ඇය මාධ්‍යයට පළ කළ අදහසකින්. මම ප්‍රියංකාව සමීපව ඇසුරු කරනවා. ඇත්තෙන්ම අපි දෙන්නා කරන දේවල් නිර්මාණ වුණත් වෙනස්. එයාගෙ මට්ටම හා හැකියාවන් වුණත් මට වඩා වෙනස්. ඒ නිසා ඇත්තෙන්ම මම නම් මේ අදහසට එකඟ වෙන්නෙ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon