මගේ සිහිනය ටෙස්ට් කඩුලු 400ක් ගැනීමයි

  👤  1664 readers have read this article !
Published by : MB WEB 2017-03-13 11:11:46

ටෙස්ට් තරග 113කදී කඩුලු 362ක් ලබා වැඩිම ටෙස්ට් කඩුලු දවා ගත් වමත් දඟපන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කියූ නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ වාර්තාව බිඳ හෙළමින් ශ්‍රී ලංකා පිලේ වමත් දඟපන්දු යවන රංගන හේරත් තම 79 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ටෙස්ට් කඩුලු 366ක් සම්පූර්ණ කළේ බංග්ලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ ටෙස්ට් තරගයේදී කඩුලු 9ක් ද ලබා ගනිමිනි.

තවද නායකත්වයද දරමින් ක්‍රීඩා කළ එම තුන්වැනි ටෙස්ට් තරගයද ජයග්‍රහණය කරමින් තමාගේ නායකත්වය යටතේ පැවැති ටෙස්ට් තරග 3ම ජයගන්නට සමත් වූ රංගන හේරත් තරගයේ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය හමුවකදී කියා සිටියේ ටෙස්ට් කඩුලු 400ක් සම්පූර්ණ කිරීමද තම ප්‍රාර්ථනයක් බවයි. එහිදී ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ හේරත් "මම ඉදිරියටත් රට වෙනුවෙන් ක්‍රීඩා කරල ඒ ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙත් ඒක ර¼දා පවතින්නෙ එතෙක් මගේ ක්‍රීඩා දිවියේ පෙන්වන දක්‍ෂතාවන් අනුවයි. නායකයා ලෙසත් මම සියයට සීයක් සාර්ථක බව ඇත්ත. නමුත් තවත් ටෙස්ට් තරග කීයකට නායකත්වය දෙනවාද කියන කාරණය තීරණය වෙන්නෙ ඇන්ජිලෝගෙ ආබාධිත තත්ත්වය මතයි." යනුවෙන් කීය.

ටෙස්ට් තරගයක දෙවනුව පන්දුවට පහරදී ලකුණු 460ක ඉලක්කයක් හඹා යෑම ඕනෑම කණ්ඩායමකට ඉතා අපහසු කරුණක් බවත් ගාල්ල තණතීරුව පළමු දිනයේ සිටම දඟපන්දු යවන්නන්ට එතරම් ලොකු සහයෝගයක් ලබා නොදුන් බවත් පැවැසූ හේරත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනකුගෙන් තරගයට පිවිසෙන විට බංග්ලාදේශ පිල නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනකු තරගයට යොදා ගැනීමේ වරදක් නොදකින බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්