අපි ලකුණු 259කින් දිනුම්

  👤  979 readers have read this article !
Published by : MB WEB 2017-03-11 14:46:21

ශ්‍රී ලංකාවත් බංගලදේශයත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 259 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 494ක් රැස් කිරීමට සමත් වූ අතර බංගලදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 312ක් පමණි.

අනතුරුව දෙවන ඉනිම වෙනුවෙන් යළි පිටියට පිවිසි ශ්‍රී ලංකව ලකුණු 274 ක් ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා බංගලදේශ කණ්ඩායමට පන්දුවට පහර දීමට අරාධනා කළහ.

ඒ අනුව ලකුණු 475 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ පිති කරුවන් සියල්ල ලකුණු 197 ක් තුළ දවා ගැනීමට ලංකා පන්දු යවන්නන් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට ලකුණු 259 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon