රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය යොවුන් කඳවුරේ දෙවන දිනය අදයි

  👤  993 readers have read this article !
Published by : MB WEB 2017-03-11 14:01:15

“රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය“ යොවුන් කඳවුරේ දෙවන දිනය අද(11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව අද(11) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැවැත්වූ ශාරීරික සුවතා වැඩසටහන සඳහා ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙය රට පුරා දියත් කිරීමට නියමිත එම වැඩසටහන් මාලාවේ පළමුවැන්න වන අතර පුරා දින තුනක් මෙම කඳවුර පවැත්වෙන බවයි පැවසෙන්නේ.

දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුරේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී ආරම්භ වුයේ ඊයේ(10) දිනයේදීයි. 

 ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon