Enawo සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස 38 දක්වා ඉහල යයි

  👤  1207 readers have read this article !
Published by : MB WEB 2017-03-11 13:13:55

මැඩගස්කරයේ ඇති වූ Enawo සුළි කුණාටුව හේතුවෙන් මේවන විට අවම ලෙස 38ක් පමණ පිරිස මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම අගහරුවාදා දින රටේ උතුරු-නැගෙනහිර ප්‍රදේශවලට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් 180 ක් පමණ පිරිස තුවාල ලබා 53,000 කට ආසන්න පිරිසක් අවතැන් ව ඇතැයි එරට ආපදා මධ්‍යස්ථාන වාර්තා කරයි.

අගහරුවාදා දින පුරාවට පය 12ක් පමණ තද වැසි ඇද හැලී ඇති අතර ප්‍රදේශය හරහා පැයට කිලෝමීටර 300ක (185 mph) පමණ වේගයකින් සුලන් හමා ගොස් ඇත.

කෙසේ නමුත් ඊයේ දින වන විට ලැබුණු වාර්තා වලට අනුව ප්‍රදේශයේ සුළි කුණාටුව පැතිර ගිය සෑම තැනකට ම දැඩි ලෙස හානි වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon