රතු ග්‍රහයා මත අර්තාපල් වගාවක්

  👤  2355 readers have read this article !
Published by : MB WEB 2017-03-10 18:27:29

අගහරු මත අර්තාපල් වගා කිරීමට හැකි බවට විද්‍යාඥයන් කල පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ජ්‍යාත්‍යන්තර අරතාපල් මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය වසරේ සිට අගහරු ග්‍රහලොවේ වායුගෝලීය තත්ත්ව යටතේ හා එහි කාලගුණයට සම කාලගුණ තත්ත්ව සහිත පෘතුවි ප්‍රදේශ වල දී අර්තාපල් වගා කිරීමට පර්යේෂණ මෙහෙය වීය. ඒ අනුව දකුණු පේරු රාජ්‍යයේ Pampas de La Joya නම් කාන්තාර භුමියේ පසෙහි අර්තාපල් වගාකළ බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රදේශයේ පස අගහරු මත පසට බෙහෙවින් සමාන බව නාසා විද්‍යාඥයන් පෙන්වා දෙයි.

Lima හි ඉංජිනේරු සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් විසින් සෑදූ CubeSat තුල මෙම අර්තාපල් රෝපණය කර මුද්‍රා තබා ඇත.

මෙම CubeSat මගින් අගහරු ලොවේ අර්තාපල් වර්ධනයට අවශ්‍ය තත්ත්ව වන ජලය, පෝෂක ද්‍රව්‍ය, ඔක්සිජන්, වායුගෝලීය පීඩනය සහ කාබන් ඩයොක්සයිඩ් ආදිය පාලනය කරමින් අර්තාපල් වර්ධනය සඳහා අගහරු වලට සමාන පරිසර තත්ත්වයක් නිර්මාණය කිරීමට උපකාරී වේ.

ඔවුන් පවසන පරිදි රතු ග්‍රහයා මත අර්තාපල් වගා කරන්නේ නම් එම අර්තාපල් CubeSat තුල වගා කල ආකාරයට ම හරිතාගාර තුල ඉතාම ප්‍රවේශමෙන් අවශ්‍ය කරන පරිසර තත්ත්ව වන උෂ්ණත්වය, ජලය, හා වායු තත්ත්ව ඒ අයුරින්ම ලබ දෙමින් වගා කල යුතු බවයි.

කෙසේ නමුත් මෙම සොයාගැනීම සමකාලීනව හා ඉදිරියේදී පෘතුවියේ ඇතිවිය හැකි කාලගුණ හා දේශගුණ වෙනස්වීම්වලට අනුව ආහාර අනාරක්ෂිත වීම ට මුහුණ දීමට ඉවහල් කරගැනීමට හැකිවෙතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon