බැඩ්මින්ටන් නිලවරණයත් ක්‍රිකට් තරමටම උණුසුම්

  👤  2067 readers have read this article !
Published by : MB WEB 2017-03-10 10:38:41

විචිත්‍ර වීරසිංහ

මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය ක්‍රිකට් නිලවරණය මෙන්ම උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

එහිදී බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධිතව ඇති පළාත් සංගම් 13න් බහුතරයක් සංගම්වල සාමාජිකත්වය දෙකට බෙදී ඇති නමුත් දකුණු පළාත් සංගමය හා උතුර, නැගෙනහිර යන සංගම් පමණක් එක් පාර්ශ්වයකට තමන්ගේ ඡන්දය දීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය හිටපු සභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතාටත්, උතුර හා නැඟෙනහිර පළාත් සංගම් මහාචාර්ය රංජිත් ද සිල්වා මහතාටත් සිය ඡන්දය දීමට තීරණය කර ඇතැයි පැවැසේ. මාර්තු 24වැනිදා පැවැත්වෙන මෙම නිලවරණයේ සභාපති අසුන සඳහා මේ වනවිට රොෂාන් ගුණවර්ධන, නිශාන්ත ජයසිංහ හා මහාචාර්ය රංජිත් ද සිල්වා යන මහත්වරු තරග වදින බව පැවැසේ.

තවද උතුරුමැද පළාත්, බස්නාහිර පළාත්, මධ්‍යම පළාත්, වයඹ පළාත් හා ශ්‍රී ලංකා පාසල් යන සංගම් දෙකට බෙදී ඇති බව පැවැසෙන අතර, මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ.

නිලවරණයට අදාළ ඡන්ද 51 ප්‍රධාන තරගකරුවන් දෙදෙනා වන රොෂාන් ගුණවර්ධන හා නිශාන්ත ජයසිංහ යන පාර්ශ්වයන් දෙක අතර සමසේ බෙදී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වන හෙයින් පෙරදී මෙන් තමන්ට සහයෝගයක් නොලැබෙන බැවින් අවසන් මොහොතේ හෝ රංජිත් ද සිල්වා මහතා මෙම තරගයෙන් ඉවත් වනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් නිශාන්ත ජයසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන තරගකරුවන්ගේ නිලතලයන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, නාමයෝජනා අදින් (10දා) වැනිදායින් අවසන් වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon