ටොටෙන්හැම් යළිත් ශේ්‍රණි සටහනේ දෙවැනි තැනට එයි

  👤  1523 readers have read this article !
Published by : MB WEB 2017-03-10 15:22:56

එංගලන්තයේදී පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී එවර්ටන් කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කළ ටොටෙන්හැම් කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙවැනි තැන යළිත් තහවුරු කරගැනීමට සමත්ව සිටී.

එවර්ටන් තරගයට පෙර තෙවැනි තැන සිටි ටොටෙන්හැම් කණ්ඩායමට මෙම අවස්ථාව ලබාගැනීම සඳහා හැරී කේන් ලබාගත් ගෝල ද්විත්වය ප්‍රධාන දායකත්වයක් සපයා දී තිබිණි.

කෙසේ වෙතත් වෙස්ට්හාම් යුනයිටඩ් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ චෙල්සි කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, අවසන් වරට සහභාගි වූ තරග 10 තුළදී ඔවුන් පරාජය වී ඇත්තේ එක් අවස්ථාවක් පමණක් වීමද විශේෂත්වයකි.

මේ අතර පසුගිය සතියේදී අනෙක් තරගවලදී ලිසෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 3-1ක් ලෙස හල් සිටි කණ්ඩායමත්, ස්වැන්සි සිටි කණ්ඩායම ගෝල 3-2ක් ලෙස බර්න්ලේ කණ්ඩායමත් පරාජය කර තිබූ අතර, මැන්චෙස්ටර් සිටි හා ස්ටොක් සිටි කණ්ඩායම් අතර තරගයේදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබාගැනීමට නොහැකි වී තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon