CIA සංවිධානය ජනතාවගේ රහස් තොරතුරු ගත්තැයි 'විකිලීක්ස්' හෙළිදරව්ව ගැන විමර්ශන

  👤  2082 readers have read this article !
Published by : MB WEB 2017-03-10 09:17:16

සී.අයි.ඒ. ඔත්තු සේවාව දත්ත සොරා ගන්නා බවට තොරතුරු අනාවරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ ඔත්තු සේවා මඟින් එරට රහසිගත තොරතුරු හොරෙන් ලබා ගන්නා බව විකිලීක්ස් වෙබ් අඩවිය හෙළිදරව් කිරීමත් සමඟ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. සහ සී.අයි.ඒ. ඔත්තු සේවා ඒකාබද්ධව මෙම විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඇමෙරිකා ඔත්තු සේවා එරට වැසියන්ගේ ස්මාර්ට් ජංගම දුරකතන හා නවීන රූපවාහිනී යන්ත්‍ර හරහා තොරතුරු සොරා ගැනීම සිදු කරන බව විකිලීක්ස් වෙබ් අඩවිය මඟින් හෙළිදරව් කොට තිබිණි.

කෙසේ වුවද එම කරුණු පිළිබඳව සත්‍ය අසත්‍යතාව මේ වනතෙක් තහවුරු කිරීමට විකිලීක්ස් වෙබ් අඩවියට හැකිවී නැති බවද කියැවේ.

එකී පුවත සත්‍ය වුවද අසත්‍ය වුවද ඇමෙරිකා ඔත්තු සේවාහි තොරතුරු විකිලීික්ස් වෙබ් අඩවියට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා කටයුතු කරන බව සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. ජේ‍යෂ්ඨ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon