ලොව බරම කතගෙන් කිලෝ 100ක් අඩු කරලා

  👤  2240 readers have read this article !
Published by : MB WEB 2017-03-10 16:44:16

ලෝකයේ බරම කාන්තාව සැත්කමකට ලක් කිරීමෙන් පසුව ඇයගේ බර කිලෝ ග්‍රෑම් 100කින් අඩු කිරීමට හැකිවූ බව ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි සායිෆී රෝහල (Saife Hospital) ප්‍රකාශ කොට ඇත.

ඊජිප්තු ජාතික කාන්තාක වන මෙම තැනැත්තිය නැවත ඊජිප්තුවට ගුවන් මඟින් යෑමට තරම් සුවයක් ලැබෙන තෙක් පසුවන බවද එම රෝහල නිවේදනය කර ඇත.

වසර විසි පහක් තිස්සේ සිය නිවෙසින් පිටතට අඩියක්වත් තබා නැති තිස් හය හැවිරිදි එමාන් අහමඩ් ඇබ්ඩ් එල් අටි කුලී පදනමට ගත් ගුවන් යානයකින් සැත්කම සඳහා මුම්බායි නුවරට ළඟා වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය. ඒ වන විට ඇය කි. ග්‍රෑ. 500ක එනම් රාත්තල් 1102ක බරකින් යුක්ත වෙමින් ලොව බරම කාන්තාව බවට පත්ව සිටියාය.

මෙම කාන්තාවගේ බර අඩු කිරීමේ ශල්‍ය කර්මය සිදුකර ඇත්තේ ශල්‍ය වෛද්‍ය මුෆ්ෆාසල් ලක්දවාලා විසිනි.

මෙම කාන්තාවගේ බර උපතේදී කිලෝග්‍රෑම් පහක් වූ බවද වයස 11දී ඇයගේ ශරීර බර කැපී පෙනෙන ලෙස වැඩිවූ බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon