තරු හැඩ වෙන හැටි

  👤  3269 readers have read this article !
Published by : MB WEB 2017-03-10 13:52:35

ශාලිකා රංගනී සමරදිවාකර
ඡාය- විමුක්ති ඇඹුල්දෙණිය

බබා ලැබුණත් මහත් වුණේ නැහැ

ඇත්තටම බබා නිසා මට රූපය ගැන හිතන්න බැරි වුණා. ඒත් මම ප්‍රෙග්නන්ට් කාලෙදිවත් ගොඩක් මහත් වුණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශේෂ දේවල් කරන්න අවශ්‍ය වුණේ නැහැ. බබාගේ වැඩ නිසා ඒවාට වෙලාවත් අඩුයි. ඉතින් ස්වාභාවිකව තමයි මෙහෙම ඉන්නේ.

ක්‍රීම් වර්ග ගානවා

මම පැහැපත් වෙන්න නම් විශේෂයෙන් සත්කාර කරන්නෙ නැහැ.Day crean එකක් night cream එකක් නම් සාමාන්‍යයෙන් පාවිච්චි කළා.

වෙලාවට කනවා

බාහිර දේවල් නොකළට මම කෑම ගැන නම් හිතනවා හරියට. වෙලාවට ආහාර වේල් තුනම ගන්නවා. සමබල ආහාර වේලක් ගන්න නිතරම උනන්දු වෙනවා. හැම පෝෂණයක්ම අඩංගු වෙන විදියට ආහාර වේල හදාගන්නවා. ජූස් වර්ගත් බොනවා.

කඩ කෑම කනවා අඩුයි

තුන් වේලටම බත් තමයි ගොඩක් වෙලාවට කන්නේ. ඇට වර්ගත් ආහාරයට ගන්නවා. කැඳ වර්ගත් බොනවා. ඉඩ තියෙන වෙලාවට රෑ කෑමට සුප් එකක් හදාගන්නත් කැමැතියි.
පිටින් නම් මම කෑම ගන්නවා අඩුයි. ගෙදර එන්න රෑ වුණොත් වගේ නම් එළියෙන් කන්න වෙනවා. මම නිරෝගිකම ගැන හිතන නිසා තමයි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ.
දවසකට වතුර නියමිත ප්‍රමාණයක් ගන්නවා කියලා මැනලා බොන්නේ නැහැ. ඒත් බබාට කිරි දෙන නිසා නිතර තිබහ එනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම දියර වර්ග බොනවා. තැඹිලි, සුප් වර්ග, කැඳ වගේ පාන වර්ග විටින් විට ගන්නවා.

ඔලිව් ඔයිල් ගානවා

මට ගැළපෙන බොඩිලෝෂන් එකක් පාවිච්චි කරනවා. සමහර වෙලාවට ඔළුවට වගේම ඇඟටත් ඔලිව් ඔයිල් ගානවා වියළි බව නැති කරගන්න. කෝමාරිකා මතක් වුණ වෙලාවට ගානවා. ටිකක් කාර්බහුල නිසා ඒකට වෙනම වෙලාවක් වෙන් කරගන්න අමාරුයි.

කොණ්ඩෙට එඬරු තෙල් සාත්තුව

ඔයිල් සත්කාර නම් මම ගෙදරදීම කරනවා. ගෙදරදී කරපිංචා, නෙල්ලි මිශ්‍ර කරලා විශේෂ තෙලක් හදනවා. මගේ අක්කලා තමයි තෙල් එක හදන්නේ. එඬරු තෙල් සාත්තුවත් හිතුනම කරනවා. මේ තෙල් ගාලා මසාජ් කරන එකත් හිසකෙස්වලට හොඳ සත්කාරයක්.

කොයි තරම් කාර්යබහුල වුණත් සතියකට සැරයක් හරි තෙල් සාත්තුවක් කරන්න අමතක කරන්නෙ නැහැ. බිත්තරයක් හා එඬරු තෙල් ටිකක් මිශ්‍ර කරලා කොණ්ඩෙට පැක් එකක් දාලා පැයක් විතර ඉඳලා නානවා. ඒත් මේ දේවල් නිතර නම් කරන්න ලැබෙන්නේ නැහැ. ගෙදර නිදහසේ ඉන්න කාලයෙදි තමයි මේ සත්කාර කරන්නේ.

අත් පාවලට විශේෂ සත්කාර

අත් පාවලට සත්කාර කරන්න නම් මම සැලෝන් යන්නෙ නැහැ. ගෙදරදි මඳ රස්නෙ වතුරට ඔෟෂධ වර්ග මිශ්‍ර කරලා කකුල් පොඟවලා තියලා අන්තිමට ඔලිව් තෙල්වලින් සම්බාහන කරන පාද සත්කාර කරනවා. පිරිසුදු කරගත්ත දෙපාවල නියපොතු හොඳට මැදලා (ඡභටටඥප) කරලා හැඩ කර ගන්නවා. මේ හැම දේම කරන්නේ මට නිදහස් වෙලාවක් ලැබුණමයි.

කොණ්ඩෙ ගැන හිතලා 12ට පෙර නානවා

මම හවස නම් නාන්න කැමැති නැහැ. ගෙදර හිටියොත් 12ට කලින් නානවා. බබා ලැබුණට පස්සේ නම් මගේ කොණ්ඩෙ ටිකක් විතර ගියා. ඒත් විටමින් හා යකඩ පෙති ගත්තම කොණ්ඩෙ යන එක අඩු වුණා.

උදේට තේ වෙනුවට පලතුරු

උදේම වතුර වීදුරුවක් බොන එක මගේ පුරුද්දක්. තේ නම් බොන්නෙ නැහැ. උදේට ගෙදර තියෙන මොනවා හරි පලතුරු වර්ගයකින් ජූස් එකක් හදාගෙන බොන්නත් මං කැමැතියි. අන්නාසි, දෙහි වගේම ගස්ලබුත් මම කැමැති ජූස් වර්ග.

බබාට කිරි දෙන නිසා මහත් වෙන්නේ නෑ

බබා හම්බවෙන්න කලින් වුණත් මම මහත කෙනෙක් නෙවෙයි. දැන් නම් බබාට කිරි දෙන එකයි ගෙදර වැඩයි තමයි කරන්නේ. මම ජිම් යන්නේ නැහැ. කොහොමත් කිරි දෙන නිසා ඇඟ කෙට්ටු වෙනවා.

දෑස්වලට අයිස් තියනවා

ඇස්වලට විශේෂයෙන් සත්කාර කරන්නේ නැහැ. ඒත් ඉඳහිට තේ කුඩු පැක් එකක් ඇස්වල තියනවා. ඇස්වලට අයිස් කැට තියලා තෙත් කිරීමත් ප්‍රබෝධවත් බවට හොඳ සත්කාරයක්.

ස්වාභාවික සත්කාරවලට මුල්තැන

කෘත්‍රිම දේවල් ගාලා ප්‍රතිඵල ලැබුණත් කෙමිකල් වර්ග මිශ්‍ර නිසා හිතට හරි නැහැ. ඵඪඤඥ ඥටටඥජබඵ එන්නත් පුළුවන්. කෝමාරිකා වගේ ස්වාභාවික දේවල්වලින් ක්ෂණික ප්‍රතිඵල නොලැබුණත් ශරීරයට අහිතකර නැති නිසා හිතටත් විශ්වාසයි.

තොල්වලට ස්ක්‍රබ් එකක්

ඉඩ ලැබෙන වෙලාවට සීනි, ඔලිව් තෙල් මිශ්‍ර කරලා ස්ක්‍රබ් එකක් හදලා තොල්වල ආලේප කරනවා. ගෙදරදිම වැක්ස් කරනවා.
ඉස්සර නම් මම වැක්ස් කරන්න සැලෝන් ගියා. ඒත් දැන් නම් මම ක්‍රීම් එකක් පාවිච්චි කරලා තමයි අනවශ්‍ය රෝම අයින් කරන්නේ. ඇත්තටම හැම කාන්තාවක්ම ලස්සනට ඉන්න ඕන. ලස්සනට ඉන්න ලොකු වියදමක් කරලා සැලෝන් යන්න ඕන නැහැ. තමන්ගේ කාලය කළමනාකරණය කරලා පහසුවෙන් මේ දේවල් ගෙදරදිම කරගන්න පුළුවන්.

මානසික සතුට ගැන හිතනවා

තමන්ගේ වටේ ඉන්න අයගේ සහයෝගය, වෘත්තීය සතුට තමන්ගේ සතුටට ගොඩක් බලපානවා. ඒ දේවල් හොඳින් තියනවා නම් මූණෙන් ඒ සතුට පේනවා. ලස්සනට ඉන්න සතුට තමන් ළඟ තියාගන්න ඕන. හිතේ වෛරයක් නැතිව මෛත්‍රියෙන් හිත සතුටින් ඉන්නවා නම් හිතේ සතුට මූණෙන් පේනවා. ඒක තමයි ලස්සන වීමේ රහස.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon