සුපිරි රොබෝවරුන් තුළ ආරක්ෂාවට හානිකර දෝෂ පනහක්

  👤  1945 readers have read this article !
Published by : MB WEB 2017-03-08 09:03:28

රෝහණ බමුණුආරච්චි

වර්තමාන ලෝකයේ ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇති රොබෝවරුන් යම්කිසි අයකු විසින් හැක් (ඩ්චජඬ) කරනු ලැබුවහොත් ලෝකයට ඉතා බරපතළ හානි සිදුවිය හැකි බව විශේෂඥයන් අවධාරණය කරයි.

විශේෂඥයන් පෙන්වා දෙනුයේ රොබෝවරුන් හැක් කිරීම මඟින් මනුෂ්‍ය ඝාතන, සතුන්ට වස දීම සහ නිවාස කොල්ල කෑමට උදවු ලබාගැනීම ආදිය සිදු වීමට ඉඩකඩ ඇති බවයි.

එසේම නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල සහ කාර්යාලවල ඇති විද්‍යුත් යන්ත්‍ර පාලනය කිරීම හරහා අපරාධකරුවන්ට ප්‍රයෝජන ලබාගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දෙති.
වර්තමානයේදී නිර්මාණය කර ඇති ලොව සුපිරි ගණයේ රොබෝවරුන් පිළිබඳව සිදුකරන ලද පර්යේෂණවලදී සොයාගත් තොරතුරු ආශ්‍රයෙන් රොබෝවරුන් පිටස්තර පුද්ගලයන්ගේ ආක්‍රමණයට නතු වීමෙන් සිදුවිය හැකි භයානක තත්ත්වය පිළිබඳ මේ කරුණු ඉදිරිපත් කොට ඇත. වර්තමානයේදී නිර්මාණය කර ඇති රොබෝවරුන්ගේ පවතින අඩුපාඩු කිහිපයක් නිසා ආරක්ෂාව පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි වූ අඩුපාඩු සහිත රොබෝවරුන් අපරාධකරුවන්ගේ අණසකට නතු වුවහොත් ඉන් අත්විය හැකි ප්‍රතිවිපාක භයානක විය හැකි බවද විද්‍යාඥයෝ සඳහන් කරති.

වර්තමානයේදී නිෂ්පාදනය කරනු ලබන ඇතැම් රොබෝවරුන් සතු අනාරක්ෂිත සන්නිවේදනය, අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීම පිළිබඳ ගැටලු, දුර්වල ලේඛන ක්‍රියාවලිය, මතකය දූෂණය වීම සහ නිසි ලෙස ක්‍රියා නොකිරීම වැනි දෝෂ හේතුවෙන් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමන බවද එවැනි රොබෝවරුන් හැක් කිරීම මඟින් අපරාධ සඳහා යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවද විශේෂඥයෝ පෙන්වා දෙති.

රොබෝවරු සතු එවැනි දෝෂ පනහකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒවා නිවැරැදි කිරීම පිළිබඳව මෙන්ම ඉදිරියේදී නිර්මාණය කරන රොබෝවරුන්ගේ තාක්ෂණික දෝෂ අවම කිරීම මඟින් පිළිබඳව අවධානයක් යොමු නොකරමින් රොබෝවරු නිර්මාණය කිරීම මනුෂ්‍ය වර්ගයාට සහ සොබාදහමට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon