උතුරු කොරියාව මිසයිල හතරක් අත්හදා බලයි

  👤  1827 readers have read this article !
Published by : MB WEB 2017-03-08 11:49:12

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මියසිල හතරක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියාව චෝදනා කරයි. එයින් තුනක්ම ජපන් මුහුදට වැටී ඇතැයි ජපානය ප්‍රකාශ කරයි.

ජපාන මුහුදු සීමාවට එම බැලැස්ටික් මිසයිල මුදා හැර ඇතැයි දකුණු කොරියාවද පෙන්වා දෙයි. අත්හදා බලන ලද බැලැස්ටික් මිසයිල සැතපුම් 620ක් පමණ අෑතින් පිහිටි ජපන් මුහුදට වැටුණු බවද දකුණු කොරියාව පෙන්වා දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ ප්‍රකාශ කරනුයේ එම මිසයිලයන් මැදි දුර බැලැස්ටික් මිසයිලයන් බවය. කෙසේ වුවද එය හෙළා දකින බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි.
දකුණු කොරියාව පෙන්වා දෙන පරිදි උතුරු කොරියාව පසුගිය මාසයේ සිට විටින් විට මිසයිල සහ බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටියි.

රටෙහි බලශක්තිය නිෂ්පාදනය සඳහා මෙවැනි අත්හදා බැලීම් සිදුකරන බව උතුරු කොරියාව කියා සිටියත් මෙවැනි න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම කලාපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ජපානයේ හා දකුණු කොරියාවේ මතයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon