ජස්ටින්ගේ කොන්සර්ට් එකේ නටන බොලිවුඩ් තරු

  👤  2005 readers have read this article !
Published by : MB WEB 2017-03-07 14:08:02

Student of the year චිත්‍රපටයෙන් සිනමා ක්‍ෂේත්‍රයට ආ ආකර්ෂණීය නළු නිළියන් අද සිනමාවේ ජනප්‍රිය චරිත බවට පත්වී හමාරයි. වරුන් දාවන් හා සිද්ධාර්ථ මල්හෝත්‍රා යන නළුවන්ගේ කඩවසම් පෙනුම හා කෙළිලොල් රංගනයන් නිසාම සාර්ථක චිත්‍රපට රැසකටම මොවුන්ට අවස්ථා හිමි වෙනවා. මීට නොදෙවැනි සුරූපී නිළි ආලියා බාත්ද මේ අතරට එක් වෙනවා. මේ තරු ත්‍රිත්වය ගැන නැවත වතාවක් කතාබහට ලක්වෙන්නේ චිත්‍රපටයක් නිසා නම් නෙවෙයි.

බටහිර ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් ඉන්දියාවේ සංගීත ප්‍රසංගයකට එන බව ඉන්දීය රසිකයන්ට නම් නොරහසක්.

ජස්ටින් බීබර් සමඟ ප්‍රසංග වේදිකාවේ මේ තරුවලටත් නර්තනයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ. ජස්ටින්ට ආදරය කරන ඉන්දීය රසිකයන්ටත් බොලිවුඩ් තරු සමඟ ඉදිරිපත් කරන මේ රංගනය අලුත් අත්දැකීමක් වන බව නම් නිසැකයි. Student of the year චිත්‍රපටයේ Disco Deewane ගීතයෙන් තරුණ තරුණියන් විනෝදාස්වාදයෙන් මුසපත් කරන්නට මේ තරු සූදානම්. ජස්ටින්ගේ ඉන්දීයා ප්‍රසංග සංචාරයට එක්වන බොලිවුඩයේ තරු ත්‍රිත්වයත් මේ දිනවල හරිම කාර්යබහුලයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon