කරිෂ්මා-සන්දිප් පෙම් කතාව කරළියට

  👤  1763 readers have read this article !
Published by : MB WEB 2017-03-06 14:32:24

පසුගිය දිනෙක රන්දීර් කපූර් ඔහුගේ 60 වැනි උපන් දිනය සැමරුවේ පවුලේ කිහිපදෙනාත් එකතු කරගෙනයි. රන්දීර්ගේ දියණියන් වන කරිනා හා කරිෂ්මාත් පියාණන්ට සුබ පතන්න මේ සාදයට එක් වුණා.

මේ උපන් දින සාදයේදී වැඩි දෙනාගේ අවධානය යොමු වුණේ මේ අවස්ථාවට එක්වුණු Sandeep Toshniwalට විවිධ තැන්වල කරිෂ්මා සමඟ එකට ගමන් යන සන්දිප් කරිෂ්මාගේ පෙම්වතා කියන කතාව නම් කාටවත් රහසක් නෙමෙයි. ඒත් මේ වගේ පවුලේ සාදවලදීත් කරිෂ්මා සමඟ එකට සහභාගි වීම නිසා මේ සම්බන්ධතාව තහවුරු වන බව තමයි පෙනුණේ.

කරිෂ්මාගේ විවාහයෙන් ඇයට මේ වන විටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඇයගේ විවාහය දෙදරා ගිය පසු ඇය වෙනම දරුවන් සමඟ කාලය ගත කරනවා. පියාගේ උපන් දින සාදයේදී කරිෂ්මා සන්දිප්ට සමීපව ඉන්න ඡායාරූප කිහිපයක්ම වෙබ් අඩවිවල පළවීමත් සමඟම කරිෂ්මාගේ අලුත් පෙම් කතාව කාටත් තහවුරු වුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon