කරන් - කාජල් විරසකය එළියට එයි

  👤  2437 readers have read this article !
Published by : MB WEB 2017-03-05 11:33:27

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් හා සුරූපී නිළි කාජල් අතර සමීප සබඳතාවක් තියෙන්නේ දශක 2ක පටන්. මේ මිතුදම නිසාම කරන්ගේ චිත්‍රපටවල දක්ෂ නිළි කාජල් නිතරම දකින්න ලැබුණා. මේ අය අතර තියෙන සුහද බව චිත්‍රපට සාර්ථකත්වයටත් හේතු වුණා. ඒත් මේ ළඟදී මේ දෙන්නාගේ හිතවත්කමට පලුදු වීමක් ඇති වුණා කියලා ආරංචියක් පැතිරුණා.

මේකට හේතුවෙලා තිබුණේ කාජල්ගේ සැමියා වුණ අජේ දේව්ගන්ගේ චිත්‍රපටයක්් අසාර්ථක කිරීමේ අරමුණින් කරන් ලක්ෂ 25ක් ගෙවූ බවට පැතිර ගිය ආරංචියක්. මේ සිදුවීමට එරෙහිව පියවරක් ගන්නට සූදානම් වුණ කාජල්ගේ හැසිරීම කරන්ටත් පුදුමයක්. ඒත් මේ ගැන කාජල් නිහඬයි. මේ නිසාම මේ සිදුවීම ගැන මාධ්‍ය කාජල්ගෙන් ප්‍රශ්න කරලත් තිබුණා.

"මම හිතන්නේ සමහර සම්බන්ධතා පවත්වාගෙන යන්න අමාරුයි. බොලිවුඩ් සිනමාව නිසා අපිට ඒ තීරණ ගන්න ලේසි නැහැ. ඒත් කරන් සහ මම අතර සිදුවන දේ ගැන නම් මම මුකුත් කියන්න කැමැති නැහැ."

මාධ්‍යට අදහස් පළ කළ කාජල් මේ විදියට කියලා තිබ්බේ ඒ තරම් සතුටින් නම් නෙවෙයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon