අලුතින් දේශපාලන පක්ෂ 85ක් ලියාපදිංචිය ඉල්ලයි

  👤  1560 readers have read this article !
Published by : MB WEB 2017-03-03 15:02:31

ජේ. ටී. ද සිල්වා- දයා පෙරේරා

පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කරන ලෙස ඉල්ලා ඉකුත් 28 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 වන විට අයැදුම්පත් 85ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම'ට පැවැසීය.

ඉල්ලුම්පත් භාර ගැනීම අවසන් කළ 28 වැනිදා තැපෑලට භාරදී ඊයේ (02දා) සහ පෙරේදා (01දා) කොමිසමට ලැබී ඇති අයැදුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව රැස්වී සාකච්ඡාකර් තීරණය කරන බවද හෙතෙම පැවැසීය.

ලැබී ඇති සියලුම අයැදුම්පත් පරීක්ෂා කිරීම මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවලදී සිදු කරනු ලබන බවත්, අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂ කවරේද යන වග ප්‍රකාශයට පත් කරන බවත් සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කීවේය.

මේ වන විට මැතිවරණ කොමිසන් සභාවේ පිළිගැනීම ලද දේශපාලන පක්ෂ 64ක් තිබේ. අලුත් පක්ෂ පිළිගනු ලැබීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂ ගණන සියය ඉක්මවා යනු ඇති බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon