පුංචි ඡන්දයට සුදුසුම කොට්ඨාස ඡන්ද ක්‍රමයයි

  👤  1365 readers have read this article !
Published by : MB WEB 2017-02-28 16:45:07

උදේනි සමන් කුමාර

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ කොට්ඨාස ක්‍රමයට යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි. එම පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ විශාල බල ප්‍රදේශයක් තුළ අතනින් මෙතනින් ඡන්ද එකතු කර නියෝජිතයන් පත්කර ගැනීමෙන් එම මහජන නියෝජිතයා කිසිදු කොට්ඨාසයකට වග නොකියන බවයි. එසේම විශාල ප්‍රදේශයක් ආවරණය කරන්නට යෑමෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්නට සිදුවන අතර ඒ නිසාම අයථා මුදල් ඉපැයීමටද ඡන්ද අපේක්‍ෂකයන් යොමුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

කුඩා ප්‍රදේශයක, කුඩා ජන ගහනයකට තමන් දන්නා හඳුනන අයකු තම නියෝජිතයා ලෙස පත්කර ගැනීමටත් එහිදී ඔහුට තම ඡන්ද දායකයන් වෙනුවෙන් වගවීමට ඇති හැකියාවත් කොට්ඨාස ක්‍රමයේ වාසිදායක ලක්‍ෂණ බැව්ද වාසුදේව නානායක්කාර මහතා පැහැදිලි කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්