ඇපල් iphoneවල ඊළග පෙරළිය 3D සහිත මුහුණ ස්කෑන් කරන මුරපදය

  👤  1695 readers have read this article !
Published by : MB WEB 2017-02-17 16:09:35

Apple සමාගම විසින් පාරිභෝගික ජනතාවට මීළඟට හදුන්වා දීමට බලාපොරොත්තු වන දුරකථනය Unlock කිරීමට මුරපදය ලෙස භාවිතා කරන ඇගිලි සලකුණ වෙනුවට නවතම 3D තාක්ෂණය උපයෝගී කරගෙන නිමවූ මුහුණ හඳුනාගැනීම මගින් දුරකථනය Unlock කිරීමේ මුරපදයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Touch ID භාවිතයේදී සමහර අවස්ථා වල දී අත්ල තෙත්ව පැවතීම නිසා දුරකතනයේ හඳුනාගැනීමේ සංවේදීතාවය (sensors) බිඳ වැටීමට බොහෝ ඉඩ ඇති අතර මුහුණු ස්කෑන් 3D තාක්ෂනය ඔස්සේ මෙය මගහරවා ගැනීමට ඔවුන් සිතා සිටියි. නමුත් මෙහි දීද මුහුණ තෙත්ව තිබෙන අවස්තාවක දී මෙහි අන්ලොක් කිරීමට භාවිතා කරන මුහුණ හඳුනාගැනීමේ පද්ධතියේ සංවේදීතාව අඩු විය හැකි බව ඔවුන් තවදුරටත් කියා සිටියි.

එසේම මුහුණ හඳුනාගැනීමට පහසු වන පරිදි මෙම දුරකතනයේ මෙහි Home Button එක ඉවත් කොට අගල් 5.8 Display එක්ක යොදා ඇති බවටද වාර්තා වී ඇත.

2013 වසරේදී iphone 5s සඳහා මෙම Touch ID ක්‍රමය හඳුන්වා දී ඇති අතර ක්‍රමක්‍රමයෙන් එය වැඩිදියුණු කිරීම මගින් පාරිභෝගිකයන්ට තම දුරකථනය ආරක්ෂා කරගැනීමට අනගි ක්‍රම රැසක් මේ අයුරින්ම ඉදිරියේදී ද හඳුන්වා දීමට ඔවුන් සිතා සිටින බව iphone සමාගම තවදුරටත් කියා සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්