වැඩ බලු නි.පොලිස්පති වරුන් 8 ක් ස්ථිර වෙයි

  👤  1684 readers have read this article !
Published by : MB WEB 2017-02-17 14:05:45

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු අද (17) දින  නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඩී.ජි.එන් ජයවර්ධන, එල්.එස් පතිනායක, ටි.එම්.ඩබ්ලිව්.ඩී තෙන්නකෝන්, ඩබ්ලිව්.ජේ. ජාගොඩආරච්චි සහ පී. මුණසිංහ වන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පති නතතුරට පත් කර තිබේ.

පත්විම් සිදු කර ඇත්තේ,පසුගිය වසරේ මාර්තු මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි බව පොලිස් මූලස්ථානය පවසයි.

එල්.එෆ්.ඒ.ආර්.ජේ. සිල්වා, ජි.එස් වල්ගම  සහ එම්.එච් මාර්සෝ යන මහත්වරුන් පසුගිය වසරේ ජුනි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon