යතුරු පැදි අනතුරකින් දෙදෙනෙක් මරුට

  👤  1442 readers have read this article !
Published by : MB WEB 2017-02-17 11:38:08

කන්දකැටිය ගලඋඩ  මාර්ගයේ ගොඩ ගම ප්‍රදේශයේ දී අද(17) දින අළුයම ගලඋඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පදිකරුට ධාවනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.

මෙම අනතුරින් යතුරු පැදි කරු හා පසු පැදිකරු එම ස්ථානයේ ම මිය ගොස් ඇත.  

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 21 ක් වන බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

මෘත ශරීරය එම ස්ථානයේ පොලිස් අරක්ෂාව සමග තබා ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් පරීක්ෂණය සිදු කිරිමට නියමිත වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  කන්දකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.   

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්