වෙනිසියුලාවේ උප ජනාධිපතිට ඇමෙරිකාවෙන් මත්ද්‍රව්‍ය චෝදනා

  👤  1507 readers have read this article !
Published by : MB WEB 2017-02-16 10:00:16

වෙනිසියුලා උප ජනාධිපති එල් අසාම්ට එරෙහිව ඇමෙරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

අසාම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම මත එලෙස සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

එසේ වුවද වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ පවසනුයේ ලතින් ඇමෙරිකා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි වෙනිසියුලා උප ජනාධිපති අසාම් හට එල්ල කරන චෝදනා ඇමෙරිකාව විසින් ගෙනයනු ලබන තවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක එක් පියවරක් පමණක් බවය.

වෙනිසියුලාව දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් කඩාවැටි ඇති අවස්ථාවක ඇමෙරිකාව විසින් තම රාජ්‍යය තවත් දුර්වල කිරීම සඳහා එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවට එල් අසාම්ද මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon