ක්ලිෆර්ඩ් කුසලාන රග්බි හෙට ඇරඹෙයි

  👤  1548 readers have read this article !
Published by : MB WEB 2017-02-16 08:00:29

රන්තර් සමාජ ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (17දා) මහනුවර නිත්තවලදී පැවැත්වෙන මහනුවර හා සී. එච්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජ අතර තරගයෙන් ආරම්භ වේ. අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලෙස පැවැත්වෙන පළමු වටයේ තරග කාලසටහනට අනුව කොළඹ හැව්ලොක්ස් කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර තරගය 18දා (සෙනසුරාදා) කොළඹ 7 තුරඟ තරග පිටියේදීත් ශ්‍රී ලංකා නාවික හමුදා හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතර තරගය 19දා (ඉරිදා) එම ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

එම වටයේම සිවුවැනි තරගය ලෙස සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් හෙට (17දා) කොළඹ තුරඟ තරග පිටියේදී හමුවන අතර අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන්නේ ලබන බදාදා (22දා) හා බ්‍රහස්පතින්දා (23දා) යන දිනවලදීය. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය නිත්තවලදීත් දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදීත් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ලබන 26දා (ඉරිදා) පැවැත්වෙන්නේ මහනුවර නිත්තවල ක්‍රීඩාංගණයේදීය. තවද මෙම තරගාවලියේ සියලුම තරග පස්වරු 4.15ට ආරම්භ වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon