Nokia 3310 දුරකතනය දැන් MWC 2017 ලෙස අලුත් වෙයි

  👤  3254 readers have read this article !
Published by : MB WEB 2017-02-16 08:30:34

2000 වසරේ නිකුත් වූ Nokia 3310 දුරකතනය විනාශ කළ නොහැකි ආකෘතියක් හා ඉතා හොද  බැටරියක් සහිතව නිපදවා ඇති එවකට කාගේත් සිත් දිනා ගත් දුරකථන මාදිලියකි.

අලුත්ම වර්ගය නිකුත් වූවාට පසුව එය Nokia 3310 දුරකතනය ඇමෙරිකානු ඩොලර් 59 කට වෙළද පොළ මිල ගණන් යාමට නියමිත වේ.

මෙම දුරකතනය අලුත් වීමත් සමග එය Amazon අන්තර්ජාල වෙළද පොළේ දී ලබා ගත හැකි වේ.  

මෙම නව දුරකතනය තුල පරණ  දුරකතනයේ පහසුකම් එලෙසින්ම ඇති අතර කාගේත් සිත් ගත් Snake II, Pairs II, Space Impact සහ Bantumi  වැනි ක්‍රීඩා අඩංගු වේ.

ස්මාර්ට් දුරකථන හදුන්වා දීමත්  සමගම නොකියා සමාගමේ වෙළඳපොල අඩාල වූ අතර එය මයික්‍රොසොෆ්ට් සමාගමට විකිනීමට සිදුවිය. නමුත් මෙම පරණ මාදිලියේ දුරකථන නිකුත් කිරීම මඟින් නැවතත් නොකියා සමාගමට වෙළඳපොල ආක්‍රමණය කල හැකි වෙතැයි බලාපොරොත්තු වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon