භෞමික අරගල සියල්ල සැණින් පෙන්විය හැකි අන්තර්ක්‍රියාකාරී සිතියමක්

  👤  1542 readers have read this article !
Published by : MB WEB 2017-02-14 16:04:12

රටවල් 2ක් හෝ කීපයක් හිමිකම් කියන අරගලකාරී භූමි ප්‍රදේශ ලොව පුරා විසිරී තිබෙනවා. මෙට්‍රොකොසම් සමාගමේ මැක්ස් ගැල්කා විසින් හඳුන්වා දී ඇති අන්තර්ක්‍රියාකාරී සිතියම වර්තමානයේ පෘථිවියේ භෞමික අරගලයන්ට මුහුණ දී තිබෙන භූමි ප්‍රදේශ 102ම ඇතුළත් කරමින් නිර්මාණය කෙරුණක්.

ලෝක ව්‍යාප්ත ජාලය හරහා ඔබට පිවිසිය හැකි මෙම අන්තර්ක්‍රියාකාරී සිතියම හරහා ඕනෑම අවස්ථාවක එසේ භෞමික අරගලයට ලක්වී තිබෙන භූමි ප්‍රදේශය සහ ඒ සම්බන්ධ සියලුම තොරතුරු දැන ගැනීමට මෙම සිතියම උපකාරි වෙනවා.

එම නිසා රටක ස්වෛරීභාවය හෝ භෞමික අඛණ්ඩතාව ගැන සැලකිලිමත් වන පාඨක ඔබට ඒ පිළිබඳ විමසිලිමත් වීම සඳහා මෙම මෙට්‍රොකොසම් සිතියම බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon