ඩෙල් වෙතින් ලොව ප්‍රථමවරට 8K මොනිටරයක් වෙළෙඳපොළට

  👤  1362 readers have read this article !
Published by : MB WEB 2017-02-09 12:15:50

ප්‍රක්ෂේපණ යන්ත්‍ර, ටීවී ඇතුළු දෘශ්‍ය මොනිටරයන් වර්ගීකරණයේදී 2K හා 4K යන වචන ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට හුරු ඇති. එහි K යන්නෙන් අදහස් වන්නේ 1000 යන්නයි.එනම් එච් ඩී (HD) තාක්ෂණය හරහා ඔබ නරඹන රූපයක සිරස් පික්සල් 1080ක් තිබෙනවා. නමුත් 4K වල මනින්නේ තිරස් පික්සල්, එම නිසා තිරස් පික්සල් 4000කට ආසන්න ප්‍රමාණයක් සහ සිරස් පික්සල් 2000ක් සහිත 4K තුළින් පික්සල් මිලියන 8 කට වැඩි රූප නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලැබෙනවා. එනම් සම්මත HD මෙන් 4 ගුණයක පැහැදිලිතාවකින් සහ තීව්‍රභාවයකින් යුතු ගුණාත්මක අගයෙන් 4 ගුණයක් වැඩි රූප 4K තුළින් නැරඹිය හැකියි.

ලොව පුරා දියුණු රටවල ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර 4K නමුදු, ලංකාවේ නම් ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර 2K බැවින්, ගුණාත්මක භාවයෙන් පහළ තත්ත්වයක පවතී. ලංකාවේ දැනට බහුල ඊ සිනමා නම් 2K ටත් වඩා ගුණාත්මක භාවයෙන් අඩු රූපයක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි.

ඇපල් සමාගම තමන්ගේ පරිගණක මොනිටර් 5ඬ දක්වාම වැඩි දියුණු කරමින් පාරිභෝගිකයාට ලබාදෙන්නේ කලක සිටයි.

නමුත් ඇමෙරිකාවේ ඩෙල් සමාගම මේ සියලු සම්මතයන් අභිභවා දැවැන්ත ඉදිරි පිම්මක් සමඟින්  Dell Ultrasharp UP3218K නම් 8K මොනිටරය පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙනවා. මෙහි පික්සල් මිලියන 33ක් අන්තර්ගත වන අතර අඟල් 31.5ක ප්‍රමාණයකින් යුක්ත වෙයි.

මීට පෙර ලොව 8K මොනිටර නිපදවුණ නමුත් සාමාන්‍ය ජනතාවට ඒවා මිලදී ගැනීමේ අවස්ථාවක් හිමිවී තිබුණේ නැහැ.

මෙම ඩෙල් 8K මොනිටරය මාර්තු 23 වැනිදා සිට ඩොලර් 5000ක මිලට වෙළෙඳපොළට නිකුත් වීමත් සමඟ, පාරිභෝගිකයන් හට මෙතෙක් ලොව වෙළෙඳපොළට නිකුත් වුණු විශිෂ්ටතම දෘශ්‍ය මොනිටරය තමන් සතු කරගැනීමේ අවස්ථාව උදා වෙනවා.

වින්දන අරියවංශ 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්