බැටරි පුපුරා ගිනි ගැනීම් වළක්වන්නට ගිනි නිවනයක් සහිත බැටරියක්

  👤  1785 readers have read this article !
Published by : MB WEB 2017-02-08 13:10:11

බැටරි පුපුරා ගිනි ගත්විට විය හැකි වින්නැහිය ගැන සැම්සන්ග් ගැලක්සි නෝට් 7 පාරිභෝගිකයන් මෙන්ම හවර්බෝඩ් ළබැඳියන්ට අමිහිරි අත්දැකීම් ඇති, බැටරි ගිනි ගැනීම නිසා ඇතිවන අනතුරු අවම කරගැනීම සඳහා ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී සෑම වසරක ප්‍රථම 5ට ඇතුළත් වන ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ගිනි නිවනයක් අෑදා සැදූ නව බැටරියක් හඳුන්වා දී තිබෙනවා.

ලිතියම් අයන් බැටරියටම අනුගතව නිපදවා ඇති මෙම ගිනි නිවනය, බැටරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 160ට ළඟා වූ විට ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී බැටරිය පුපුරා යෑම වළක්වන්නේ, ඒ මඟින් ගින්නක් ඇතිවීමට ද ඇති ඉඩ අහුුරමින්.

ඉලෙක්ටි්‍රක් කාර් සඳහා භාවිත වෙන අධි ධාරිතා බැටරි සඳහා ඉලක්ක කරගෙන නිමැවුණු මෙම විශේෂ බැටරිය, ස්මාර්ට් ෆෝන් වැනි කුඩා මෙවලම් වලටත් භාවිත කළ හැකි පරිදි සකස් කළ හැකි බවට පර්යේෂකයන් ප්‍රකාශ කර සිටියි.

(වින්දන අරියවංශ)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon