ලෙගෝ වෙතින් Smart Toy Models

  👤  1824 readers have read this article !
Published by : MB WEB 2017-02-07 13:53:05

විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාටකයේ ඔටුන්න හිමි හැම්ලට් කුමාරයා හැරුණු විට ඩෙන්මාර්ක් දේශයේ සිහිවෙන ලොව ජනප්‍රියම කාරණාව ලෙගෝ සෙල්ලම් භාණ්ඩයි.

1932දී ආරම්භ වෙමින් මුළු ලොවේම දරුවන්ගේ ආදරය දිනා ගත් ලෙගෝ සෙල්ලම් භාණ්ඩ ගැන ලෙගෝ සෙල්ලම් කරන්නන්ට වරම් නොලැබූ දරුවන් පවා අසා හෝ තිබෙනවා.

තාක්‍ෂණය යනු වැඩිහිටියන්ට පමණක් සීමා නොවූවක් බව තහවුරු කරමින් ලෙගෝ සමාගම දරුවන්ට නවෝත්පාදක (Building and Coding Set) එකක් හඳුන්වාදී තිබෙනවා. මෙය භාවිතයෙන් දරුවන්ට ස්මාර්ට් ටෝයි මොඩල් නැතහොත් ස්මාර්ට් සෙල්ලම් බඩු අනුරූප 5ක් සෑදීමේ හැකියාව ලබාදී තිබෙනවා. රොබෝ කෙනෙක්, පූසෙක් සහ ගිටාරයක් ඒ අතර වෙනවා.

(Sensors) සංවේදක සහ මෝටර්වල උපකාරයෙන් දරුවන්ට මෙම සෙල්ලම් භාණ්ඩ තැනිය හැකි වන අතරම එම කිට් (Kit) එකටම අනුරූප ඇප් (App) එක හරහා විවිධ ක්‍රියාකාරකම් 60ක් ලබාදෙන්නෙ, එම ඇප් එක හරහා හඬ පටිගත කරමින් තමා නිමැවූ සෙල්ලම් භාණ්ඩයට කතා කිරීමේ හැකියාවද ලබාදීමටද දරුවන්ට අවස්ථාවක් සලසමින්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon