ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු 2019 ජනවාරි පළමු දා සිහසුනට

  👤  1754 readers have read this article !
Published by : MB WEB 2017-01-12 12:33:32

ජපානයේ අකිහිතෝ අධිරාජයාට 2018 අවසානයේ සිය ධුරයෙන් ඉවත්වීමේ ඉඩ සලසා දෙනු පිණිස, අවශ්‍ය නෛතික වෙනස්කම් සිදු කිරීම කෙරෙහි ජපානයේ අවධානය යොමුවී ඇතැයි ජපන් රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ විය. වාර්තා වී ඇති ආකාරයට එසේ වුවහොත් ඔටුන්න හිමි කුමරා 2019 ජනවාරි 1 වැනිදා සිහසුනට පත් වනු ඇත.

"තමාගේ වයෝවෘද්ධභාවය දැන් රාජකාරියට බාධකයක් වී ඇති හෙයින් ධුරයෙන් ඉවත්වීමට තමාට අවශ්‍ය යැයි 83 වැනි වියට පත්ව සිටින අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කළහ'යි වාර්තා විය. සිය වස් දෙකක කාලය ඇතුළත කිසිදු ජපන් අධිරාජයකු ධුරයෙන් ඉවත් වී නැති අතර, දැනට එහි වලංගුව පවත්නා නීති අනුව එසේ ඉවත්වීම සඳහා අවසරද නොලැබේ.

අදාළ නීති සදාතනිකව බලපවත්වන පරිදි වෙනස් නොකර වත්මන් අධිරාජයාට පමණක් අදාළ වන අන්දමින් සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. අගමැති ෂින්ෂෝ අබේගේ සය සාමාජික උපදේශක කමිටුව පසුගිය ඔක්තෝබරයේ සිට මේ ගැන සාකච්ඡා කරගෙන යයි.

ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්